ඔය
කහපොළට යන පාරෙ ඒ දවස් වල තිබුණා ලොකූ අක්කර ගාණක ඉඩමක්. තැනින් තැන උස පස් කන්ඩි, ලොකු ගස් වලින්
වටවෙච්ච හමුදා බංකර් වගේ තැන් අම්බානෙකට තිබුණා ඒ ඉඩමේ. දැන්නම් ඒ ඉඩම ජාතික බෞද්ධ
මධ්‍යස්ථානයක්.
ඔහොම
දවස් ගාණක් ගියාම අපි පොඩි ආතල් එකක් දාන්න ප්ලෑන් කලා. අපි කලෙක්ශන් පාරකුත්
දැම්මා. එදා හිටියේ මායි බුද්ධියයි යශෝදයයි චරියයි චතුරයි. බොතලේ බුද්ධි අරගෙන
උන්ගෙ අයියා කෙනෙක්ගෙ ගෙදර තියල උදේ ගෙනාවා. බයිට් ටික අපි ගත්තෙ බටුවන්දර මහවැලි
කඩෙන්. සැන්ඩි බෝතලේ ගත්තෙ ජබුරලිය පිට්ටනිය ගාව කඩෙන්.
ඔන්න
ඉතින් සෙට් එක උදේ දහය වගේ වෙද්දි ඉඩමට ආවා. ඇවිත් අර කලින් කිවුවා වගෙ ගස් වලින්
වටවෙච්ච කූල් පොට් එකක් හොයාගෙන ඇතුළට රිංගගත්තා. හා හා පුරා කියල අපිත් ඉතින්
බොන්න ගත්තා. මතක විදිහට ගැහුවෙ බ්ලැක් ඕපල් හරි වී එක්ස් හරි. ඒ දවස් වල ඉතින්
පස් දෙනෙක් ඉදලත් බොන්නෙ එක බෝතලයයි. ඒත් ඉතින් වැදිලා තණකොළ ගලොගෙන යනවා. බේබදු
ජීවිතේ මුල් කාලෙනෙ. කොහොමින් කොහොම හරි අපි ෆන් එකෙ දවල් 12 වගේ වෙනකන් බිව්වා.
බීලා ගගේ නාන්න යන්න කියල ලෑස්ති වෙලා එළියට බැස්සා. කොහොමහරි ඉඩම දිගේ යද්දි
චතුරයා නැග්ගා ගහකට. නැගල බහින්න උනෙ නොර්මල් විදිහට නම් නෙමෙයි. ගහේ අත්තක් උඩට
වැටිච්ච පාරට ඇට තලාගෙන බැස්සේ.
ඊට පස්සෙ අපි ආයෙත් ගගට යන්න හදද්දි දැක්කා
පොලිස් බයික් එකක දෙන්නෙක් යනවා. අපි ඉතින් හමුදාව දැක්ක LTTE කාරයෝ
වගේ ගස් අස්සෙ හැංගුනා. කනමදයො වගෙ බීල හිටය යශෝදයා වට පිට බල
බල ඉස්සරහට අවිදන් ගිහින් හෙන ගහන්න වගේ වැටුනා. පොලිස් කාරයොත් ටිකක් බලං ඉදල
යන්න ගියා. සමහර්ක් විට පොලිස් ඩබල හිතන්න ඇති හොල්මන් සින් එකක් වෙන්න ඇති කියල. 😂පස්සෙ අපි හිතා ගත්තා ඒ ආවේ සිතාසි බෙදන පොලිස් කාරයො දෙන්නෙක් කියලා.
ඒ
වෙච්ච සීන් වලින් පස්සෙ අපි ආවා කහපොල ගගට. ආපු ක්ෂණික අපි පැන්නා වතුරට නාන්න
ගත්ත පැයක් දෙකක්. එදා දවසේ වෙච්ච චාර්ටර්ම සීන් එක උනේ ඊට පස්සේ. ගොඩට ඇවිත්
බලද්දි ජෝනගෙයි මගෙයි ෆෝන් දෙක උස්සල එකෙක්. ඉස්සුවා කියල ඉතින් හොයන්නත් බැරි එකේ
අපිත් ආවා. හැබැයි ඌ වැදගත් හොරෙක් මොකද ඌ සල්ලි සතයක් වත් උස්සලා නෑ.
ඉතින්
අපි නාලා කෙලින්ම ගියෙ යශෝද්ලගෙ ගෙදර .... ගිය ගමන් සංජීවනි නැන්දගෙ අනුග්‍රහයෙන් දවල්ටත්
කෑවා. කාලා ඉතින් කරන්න වැඩකුත් නැති එකේ යශෝද්ගෙ යෝජනාවකට අපි ගියා කැබ් එකකුත්
අරන් අපි ගියා කටුබැද්දෙ එතකොට වෙලාව 4.30 වගේ ඇති ...... ඇත්තටම අපි ගියෙ සෙනුරිව
බලන්න. සෙනුරි කියන්නෙ යශෝද්ගේ ඒ දවස් වල කෑල්ල. අපි ඉතින් ගිහිල්ල මොරටුව කැම්පස්
එක පිටිපස්සෙන් තියෙන පාරෙ දෙවෙනි වන්ගුවෙන් නැවැත්තුවා. ලංකාවෙ තැපැල් සේවය අක්‍රමවත්
කිව්වට එදා නම් යශෝදයට ගුවන් තැපෑලෙන් වැදුනෙ වාහනෙ ඉස්සරහට ගන්නත් බෑ පස්සට ගන්නත්
බැ.... ඇයි ඉතින් මූට ලෙස්ටම වැදිල නහයෙන් කටින් දාඩිය දාන්නම. අනිත් එකෙක්ටවත් වාහනය
පදින්නත් බෑ... අපි ඉතින් දන්න වෛද්‍ය ශිල්ප ඔක්කොම දාලා පැයක දෙකක මෙහෙයුමකින් පස්සෙ
යන්තන් මූව ගොඩ දගෙන යන්න ලෑස්ති උනා.
යද්දි
ඉතින් අපි හගියෙ සුවාරපොලෙන් දාලා ඔන්න යද්දි පොඩි කාර් එකක් අපෙ ඉස්සරහෙන් තියන්
ඉබ්බ ටයිප් එකෙන් යනවා. අපිට හෙන මල ඉතින්... යශෝදයට මල පැනල ඌ ඉස්සර කරන්න හදනව ආයෙ
නවත්තනවා, ඉස්සර කරන්න හදනව ආයෙ නවත්තනවා අපිත් ඉතින් ටිකක් විතර බයෙන් මොකද මූට වැදිලනෙ
ඉන්නෙ ඇන්නොත් එහෙම මල කෙලියයිනෙ. ඔය අතරතුර බුද්ධිට තාත්තා කෝල් කලා... ඌ කෝල් එකේ
ඉන්න ගමන් යශෝදයට චාන්ස් එක ආවා රඅර ඉබි ගමනින් යන කාර් එක ඉස්සර කරන්න .... ඉස්සර
කරද්දිම අපි සෙට් එක......
යශෝද්
- බැනපන් බැනපන්
චතුර - ඕයි ඕයි
මම - කොහෙද ඕයි යන්නෙ
චරිත් - #න්නයෝ................
බුද්ධි - කොහෙද හු## යන්නෙ..................



