Sunday, May 31, 2020

කහපොල බෝඩරේ...............

හැමදාම අලියා පොට් එකට ගිය අපි පොඩි චේන්ජ් එකකට වගේ ගියා කහපොල ගගේ නාන්න. ගග ගැන කිව්වොත් ඒ බොල්ගොඩ ගග කලු ගගේ ලොකූ අතු ගගක්. අපි නාන තැනට ඈතින් පේනවා දූපතක්. දූපතක් කිවුවට ඒක හෝටලයක් නම පෙන්ත්හවුස් (කාක් දූපත කියලත් කියනවා) බටුවන්දර ඉදන් කහපොල ගග හරියට යන්න කිලෝමීටර් තුනක් හතරක් තියෙන්වා. අපිත් ඉතින් බයික් වලයි බද්ධියගෙ ත්‍රීවිල් එකෙයි සෙට් එක යනවා. එතන ගග අයිනෙ අපි වාහන නවත්තන තැන තියෙනවා ලයිට් කණු භාගයක් විතර උස කොට්ටම්බා ගහක්. අපෙ එවුන් ඔය කොට්ටන් ගහ යට තමයි සිගරට් එහෙම ගැහුවෙ.

ඔය කහපොළට යන පාරෙ ඒ දවස් වල තිබුණා ලොකූ අක්කර ගාණක ඉඩමක්.  තැනින් තැන උස පස් කන්ඩි, ලොකු ගස් වලින් වටවෙච්ච හමුදා බංකර් වගේ තැන් අම්බානෙකට තිබුණා ඒ ඉඩමේ. දැන්නම් ඒ ඉඩම ජාතික බෞද්ධ මධ්‍යස්ථානයක්.
ඔහොම දවස් ගාණක් ගියාම අපි පොඩි ආතල් එකක් දාන්න ප්ලෑන් කලා. අපි කලෙක්ශන් පාරකුත් දැම්මා. එදා හිටියේ මායි බුද්ධියයි යශෝදයයි චරියයි චතුරයි. බොතලේ බුද්ධි අරගෙන උන්ගෙ අයියා කෙනෙක්ගෙ ගෙදර තියල උදේ ගෙනාවා. බයිට් ටික අපි ගත්තෙ බටුවන්දර මහවැලි කඩෙන්. සැන්ඩි බෝතලේ ගත්තෙ ජබුරලිය පිට්ටනිය ගාව කඩෙන්.
ඔන්න ඉතින් සෙට් එක උදේ දහය වගේ වෙද්දි ඉඩමට ආවා. ඇවිත් අර කලින් කිවුවා වගෙ ගස් වලින් වටවෙච්ච කූල් පොට් එකක් හොයාගෙන ඇතුළට රිංගගත්තා. හා හා පුරා කියල අපිත් ඉතින් බොන්න ගත්තා. මතක විදිහට ගැහුවෙ බ්ලැක් ඕපල් හරි වී එක්ස් හරි. ඒ දවස් වල ඉතින් පස් දෙනෙක් ඉදලත් බොන්නෙ එක බෝතලයයි. ඒත් ඉතින් වැදිලා තණකොළ ගලොගෙන යනවා. බේබදු ජීවිතේ මුල් කාලෙනෙ. කොහොමින් කොහොම හරි අපි ෆන් එකෙ දවල් 12 වගේ වෙනකන් බිව්වා. බීලා ගගේ නාන්න යන්න කියල ලෑස්ති වෙලා එළියට බැස්සා. කොහොමහරි ඉඩම දිගේ යද්දි චතුරයා නැග්ගා ගහකට. නැගල බහින්න උනෙ නොර්මල් විදිහට නම් නෙමෙයි. ගහේ අත්තක් උඩට වැටිච්ච පාරට ඇට තලාගෙන බැස්සේ.
 ඊට පස්සෙ අපි ආයෙත් ගගට යන්න හදද්දි දැක්කා පොලිස් බයික් එකක දෙන්නෙක් යනවා. අපි ඉතින් හමුදාව දැක්ක LTTE කාරයෝ වගේ ගස් අස්සෙ හැංගුනා. කනමදයො වගෙ බීල හිටය  යශෝදයා වට පිට බල බල ඉස්සරහට අවිදන් ගිහින් හෙන ගහන්න වගේ වැටුනා. පොලිස් කාරයොත් ටිකක් බලං ඉදල යන්න ගියා. සමහර්ක් විට පොලිස් ඩබල හිතන්න ඇති හොල්මන් සින් එකක් වෙන්න ඇති කියල. 😂පස්සෙ අපි හිතා ගත්තා ඒ ආවේ සිතාසි බෙදන පොලිස් කාරයො දෙන්නෙක් කියලා.
ඒ වෙච්ච සීන් වලින් පස්සෙ අපි ආවා කහපොල ගගට. ආපු ක්ෂණික අපි පැන්නා වතුරට නාන්න ගත්ත පැයක් දෙකක්. එදා දවසේ වෙච්ච චාර්ටර්ම සීන් එක උනේ ඊට පස්සේ. ගොඩට ඇවිත් බලද්දි ජෝනගෙයි මගෙයි ෆෝන් දෙක උස්සල එකෙක්. ඉස්සුවා කියල ඉතින් හොයන්නත් බැරි එකේ අපිත් ආවා. හැබැයි ඌ වැදගත් හොරෙක් මොකද ඌ සල්ලි සතයක් වත් උස්සලා නෑ. 


ඉතින් අපි නාලා කෙලින්ම ගියෙ යශෝද්ලගෙ ගෙදර .... ගිය ගමන් සංජීවනි නැන්දගෙ අනුග්‍රහයෙන් දවල්ටත් කෑවා. කාලා ඉතින් කරන්න වැඩකුත් නැති එකේ යශෝද්ගෙ යෝජනාවකට අපි ගියා කැබ් එකකුත් අරන් අපි ගියා කටුබැද්දෙ එතකොට වෙලාව 4.30 වගේ ඇති ...... ඇත්තටම අපි ගියෙ සෙනුරිව බලන්න. සෙනුරි කියන්නෙ යශෝද්ගේ ඒ දවස් වල කෑල්ල. අපි ඉතින් ගිහිල්ල මොරටුව කැම්පස් එක පිටිපස්සෙන් තියෙන පාරෙ දෙවෙනි වන්ගුවෙන් නැවැත්තුවා. ලංකාවෙ තැපැල් සේවය අක්‍රමවත් කිව්වට එදා නම් යශෝදයට ගුවන් තැපෑලෙන් වැදුනෙ වාහනෙ ඉස්සරහට ගන්නත් බෑ පස්සට ගන්නත් බැ.... ඇයි ඉතින් මූට ලෙස්ටම වැදිල නහයෙන් කටින් දාඩිය දාන්නම. අනිත් එකෙක්ටවත් වාහනය පදින්නත් බෑ... අපි ඉතින් දන්න වෛද්‍ය ශිල්ප ඔක්කොම දාලා පැයක දෙකක මෙහෙයුමකින් පස්සෙ යන්තන් මූව ගොඩ දගෙන යන්න ලෑස්ති උනා.

යද්දි ඉතින් අපි හගියෙ සුවාරපොලෙන් දාලා ඔන්න යද්දි පොඩි කාර් එකක් අපෙ ඉස්සරහෙන් තියන් ඉබ්බ ටයිප් එකෙන් යනවා. අපිට හෙන මල ඉතින්... යශෝදයට මල පැනල ඌ ඉස්සර කරන්න හදනව ආයෙ නවත්තනවා, ඉස්සර කරන්න හදනව ආයෙ නවත්තනවා අපිත් ඉතින් ටිකක් විතර බයෙන් මොකද මූට වැදිලනෙ ඉන්නෙ ඇන්නොත් එහෙම මල කෙලියයිනෙ. ඔය අතරතුර බුද්ධිට තාත්තා කෝල් කලා... ඌ කෝල් එකේ ඉන්න ගමන් යශෝදයට චාන්ස් එක ආවා රඅර ඉබි ගමනින් යන කාර් එක ඉස්සර කරන්න .... ඉස්සර කරද්දිම අපි සෙට් එක......

යශෝද් - බැනපන් බැනපන්
චතුර  - ඕයි ඕයි
මම    - කොහෙද ඕයි යන්නෙ
චරිත්  - #න්නයෝ................
බුද්ධි  - කොහෙද හු## යන්නෙ.................. 



බුද්ධි ඊට පසුව “නෑ තාත්තෙ තාත්තට නෙමෙයි මේ කාර් එකකට බැන්නෙ” අපිට ඉතින් මැරෙන්න හිනා ... හැබැයි අදටත් මාරම ආස දවසක් තමයි ඒක.






Monday, April 6, 2020

කනත්තෙ සංගමය හා අලියා පොට් එක.................


කනත්තෙ සංගමය හා අලියා පොට් එක.................

සුපුරුදු විදිහට අපේ ඒ කාලෙ නිල වාහන උන යශොද්ගෙ රතුපාට අපාචි බයික් එකයි ලකියගෙ කලු පාට අපාචි බයික් එකයි කනත්තෙ කැන්ද ගහ ගාව පාරෙ නවත්තල අපිත් ගහ යටට වෙලා කයියක් ගහන් ඉන්නකොට අපෙ චරියා ජොලියට වගේ ඇහුවා 

“මචන් අර හෙරළිවල පැත්තෙ තියෙන ඇලේ උබල නාන්නෙ නැද්ද” කියල.

 සිරාවටම කිවුවොත් අපි ඒ වෙනකන් දන්නෙ නෑ එහෙම පොට් එකක් තියෙනවා කියල. ඔන්න ඊට පස්සෙ අපි එදාම බයික් වල නැගල ගියා මොකද්ද මේ මූ කියන පොට් එක බලන්න. සිරා කතාව මූ කියල තියෙන්නෙ තැන හොදයි වගේ කියල හැමෝටම හිතුනා. ටෙස්ටින් පාරක් දාන්න කියල යශෝදයා බැස්සා.... උගෙ ටෙස්ටින් රිපොර්ට් එකේ හැටියට අපි හිතාගත්ත්තා හෙටම එනවා කියලා.


ටයිම් ටේබල් එකේ විදිහටම සෙට් එක සෙට් වෙලා ගියා නාන්න. මාර ෆන් ඉතින් අපිටත්.. කොච්චර ෆන්ද කියනවනම් පීනන රේස් දාලා පොල් ගෙඩියක් අරන් සෙල්ලන් පාරකුත් දාලා පැය තුනක් හතරක් ඉදලම තමයි අපි අවේ. චරියා අපිට බෝ කරපු අලියා පොට් එකේ නාන ලෙඩේ හොද උනේ මන් හිතන්නෙ උසස් පෙළත් මැදක් හරිය ගියාම. අපිත් එක්ක හිටපු එවුන්ගෙන් අලියා පොට් එකේ නෑවෙ නැත්තෙ ලකියා විතරයි මන් හිතන්නේ.
මේ පොට් එකේ අමතක නොවෙන ආතල් වැඩ නම් ඉතින් කෝටියයි. දවල් දෙක දෙකහමාර වගේ වෙද්දි මේකේ වතුර පට්ට පැහැදිලියි. සමහරක් දාට අපි ගියෙ පයින් බටුවන්දර ඉදන් මොරෑද පාරෙ කිලෝමීටර් දෙකක් තුනක් යන්නත් ඕනෙ හින්ද අපිත් ඉතින් ඔහේ කයියක් දාගෙන යනවා. ගොඩක් දුරට උනේ චරියා ජෙනෙවියව බයිට් කරනවා චයිනා චරියව බයිට් කරනවා යශෝද් චතුරව බයිට් කරනවා වගේ රෙදි ගලෝගන්න වැඩ තමයි. ඔන්න ඉතින් පොට් එකට ඇවිත් වතුරටත් බැහැල ආතල් එකේ ඉදිද්දි කොහෙන්ද මන්ද ආපු අංකල් කෙනෙක් බැස්සුවෙ නැතෑ අලියො වගේ සයිස් මී හරක් දෙන්නෙක්. දැන් ඉතින් මොනවා කරන්න්ද ශේප් එකේ ටිකක් වෙලා ඉදල ගොඩට ආවා අංකල්ගෙ ජාතියත් රහසින් අමතන ගමන්. සෙට් එකේ ඇවිත් නොනා හිටපු ලකියා නම් ඒ චාටරයෙනුත් බේරුනා.
 
මේක තමයි ආතල්ම සීන් එක, ඔන්න ඉතින් දෛනික චර්යාවක් වෙච්ච අලියා පොට් එකට ආවා. හැබැයි නිකන් නෙමෙයි. දන්නැද්ද ඉතින් අවුරුදු දාසයක් දාහතක් වෙච්ච අපි ගාවත් ඉතින් සල්ලි කීයක් හරි තිබ්බෙ නැත්තන්නෙ පුදුමෙ. ඉතින් සෙට් එක ගත්තා සිගරට් කිහිපයකුත්. ඇග පත ලොකුවට තියෙන චයිනා, ලකියා හරි චරියා හරි තමයි කඩේට ගිහින් ගත්තෙ. කට්ටිය ඉතින් පොඩි ට්‍රිප් එකක් වගේ තමයි ආවෙ. ලකියා ඉතින් ගොඩට වෙලා ඉදිද්දි අපි බැස්සා වතුරට.
ලකියා ගාව තිබුනා ඒ දවස් වල සැම්සුන්ග් එස් ඩුවස් එකක්. මන් ටිකක් වෙලා වතුරෙ ඉදල ගොඩට ඇවිත් ලකියගෙ ෆෝන් එකෙන් බැලුවා දහඅට ප්ලස් වීඩියෝ ටිකක්...... කොල්ලොනෙ ඉතින්.  ඔය අතර චයිනයි ජෝනයි (චරියාගෙ කාඩ් එකනෙ ජෝන් කියන්නෙ) සිගරට් එකක් පත්තු කරන් ගහන්න ගත්තා. යශෝදයයි ජෙනෙවියයි නම් වතුර දැකල නැති ඩයල් වගේ ඇලේ බැහැං හිටියා.

දැන් තමයි ෆිල්ම් එකේ දුශ්ටයා කඩන් පාත් වෙන්නෙ. හෙන ගහන්න වගේ මිනිස්සු දෙන්නෙක් ආවනෙ. මිනිස්සු කිව්වට උන් දෙන්නා අතේ සුදු පාට හෙල්මට් තිබුන එක තමයි අවුල. උන් දෙන්නා දැක්ක ගමන් මන් ලකියගෙ ෆෝන් එකෙන් බල බල හිටපු වැල වීඩියෝ එක වරකා වෙලා ගියත් කමක් නෑ කියල හිතාගෙන ක්ලෝස් කරගෙන කරගෙන කරගෙන ගියා. ජෝනත් ගගහ හිටපු සිගරට් එක ශේප් එකේ වීසි කලා. අහිංසක චයිනා ලගට එනකන් ඌ ආසාවටවත් දැක්කෙ නෑ. කහතුඩුව පොලීසියෙ සිවිල් පොලිස් ඩබල අපි ගාවට ඇවිත් අයිඩින්ටි ඉල්ලුවා අයිඩින්ටි ගෙනාවෙ නෑ කිව්වම වයස ඇහුවා. මුලින්ම චයිනගෙන් අහපු පාර ඌ කියපි දහනමයයි කියල. අනිත් අය ඔක්කොම හරි වයස කිව්වා. පොලිස් කාරයට අමතක වෙලා චයිනගෙන් ආපහු ඇහුව වයස ඒ පාර මූ කියාපි දාසයයි කියල.
පොලිස් ඩබලට මල පැනපු පාර චයිනගෙ ඔලුවෙ ඉදන් කකුල් දෙක වෙනකන් බලල අහුවා.

“උබට කොහෙන්ද හමුදාවෙ ජොකෙක්” කියලා.. 

ඒ වෙලාවෙ තමයි අපිටත් මීටර් උනේ මූ ඇදන් ඉන්නෙ හමුදාවෙ ජොකෙක් කියලා. මුගෙ අයියද කොහෙද හමුදවෙ හිටියෙ. යන්තන් ගුටි නොකා ඒ ප්‍රශ්නෙතුත් බේරුනා. ඔන්න දැන් වට්පිට බලලා උන් දෙන්නා කල්පනා කලා මුට දෙන්න දඩුවමක්. මුගෙ හදහනෙ හිලක් කියන්නෙ පොලිස් ඩබල දැක්කෙ නාලා නාලා මඩ වෙච්ච වතුර ටික.

“උබලට මේ මඩ වතුරෙ නාන්න පුලුවන් නම් උබ දැන් හරකෙක් වගේ මේ වතුරට බැහල ඔලුව වතුරෙ ඔබන් හිටහන් මන් ඇති කියනකන්”


වෙන විසදුමක් නැති නිසා චයිනත් ගොබ්බ හිනාවක් දාල වතුරට බැහල ඔලුව මඩ වතුරෙ ගිල්ලොගෙන හිටියා. අපිටත් ඉතින් මැරෙන්න හිනා ඌ ඉන්න විදිහ දැකලා. එහෙමයි කියල හිනා වෙන්න ගිහින් අරුන් දෙන්නගෙන් අහගන්නවට වඩා නිකන් ඉන්න එක සැපයි හින්ද කට වහන් හිටියා. ඊට පස්සෙ පොලිස් ඩබලට අනුකම්පා හිතිලද කොහෙද 

“අන්න අරූ මැරිලද දැන්නෙ නෑ ගොඩට ගනින්” කිව්වා. 



පස්සෙ අපිට අම්බානෙකට උපදෙස් මාලවක්ම දීලා උන් ඩබල යන්න ගියා. යන්න කලින් එක පොලිස් කාරයෙක් “අර උබ මාව දැකල විසී කරපු එක බීපන් අපරදෙ” කියලා චරියට කියාගෙනම ගියා.



පස්සෙ තමයි දන්නෙ ඇල හරියෙ තියෙන හේන් වල කසිප්පු පෙරෙනවා ඒවා අල්ලන්න උන් නිතරම එනව කියල.


  පින්තූරය - කොහෙ හරි යන්න සෙට් වෙලා ඉන්න ගමන් ගත්තු එකක්. හෙල්ම්ට් දාල ඉන්නෙ ලකියා... චරියා ඔය පොටෝවෙ නෑ... ඌ කොහේ හරි ගිහින් ඉන්න වෙලාවක් වෙන්න ඇති.