කනත්තෙ සංගමය හා අලියා පොට්
එක.................
සුපුරුදු
විදිහට අපේ ඒ කාලෙ නිල වාහන උන යශොද්ගෙ රතුපාට අපාචි බයික් එකයි ලකියගෙ කලු පාට
අපාචි බයික් එකයි කනත්තෙ කැන්ද ගහ ගාව පාරෙ නවත්තල අපිත් ගහ යටට වෙලා කයියක් ගහන්
ඉන්නකොට අපෙ චරියා ජොලියට වගේ ඇහුවා
“මචන් අර හෙරළිවල පැත්තෙ තියෙන ඇලේ උබල නාන්නෙ නැද්ද” කියල.
සිරාවටම කිවුවොත් අපි ඒ වෙනකන් දන්නෙ නෑ එහෙම පොට් එකක් තියෙනවා කියල. ඔන්න ඊට පස්සෙ අපි එදාම බයික් වල නැගල ගියා මොකද්ද මේ මූ කියන පොට් එක බලන්න. සිරා කතාව මූ කියල තියෙන්නෙ තැන හොදයි වගේ කියල හැමෝටම හිතුනා. ටෙස්ටින් පාරක් දාන්න කියල යශෝදයා බැස්සා.... උගෙ ටෙස්ටින් රිපොර්ට් එකේ හැටියට අපි හිතාගත්ත්තා හෙටම එනවා කියලා.
“මචන් අර හෙරළිවල පැත්තෙ තියෙන ඇලේ උබල නාන්නෙ නැද්ද” කියල.
සිරාවටම කිවුවොත් අපි ඒ වෙනකන් දන්නෙ නෑ එහෙම පොට් එකක් තියෙනවා කියල. ඔන්න ඊට පස්සෙ අපි එදාම බයික් වල නැගල ගියා මොකද්ද මේ මූ කියන පොට් එක බලන්න. සිරා කතාව මූ කියල තියෙන්නෙ තැන හොදයි වගේ කියල හැමෝටම හිතුනා. ටෙස්ටින් පාරක් දාන්න කියල යශෝදයා බැස්සා.... උගෙ ටෙස්ටින් රිපොර්ට් එකේ හැටියට අපි හිතාගත්ත්තා හෙටම එනවා කියලා.
ටයිම්
ටේබල් එකේ විදිහටම සෙට් එක සෙට් වෙලා ගියා නාන්න. මාර ෆන් ඉතින් අපිටත්.. කොච්චර
ෆන්ද කියනවනම් පීනන රේස් දාලා පොල් ගෙඩියක් අරන් සෙල්ලන් පාරකුත් දාලා පැය තුනක්
හතරක් ඉදලම තමයි අපි අවේ. චරියා අපිට බෝ කරපු අලියා පොට් එකේ නාන ලෙඩේ හොද උනේ මන්
හිතන්නෙ උසස් පෙළත් මැදක් හරිය ගියාම. අපිත් එක්ක හිටපු එවුන්ගෙන් අලියා පොට් එකේ
නෑවෙ නැත්තෙ ලකියා විතරයි මන් හිතන්නේ.
මේ
පොට් එකේ අමතක නොවෙන ආතල් වැඩ නම් ඉතින් කෝටියයි. දවල් දෙක දෙකහමාර වගේ වෙද්දි
මේකේ වතුර පට්ට පැහැදිලියි. සමහරක් දාට අපි ගියෙ පයින් බටුවන්දර ඉදන් මොරෑද පාරෙ
කිලෝමීටර් දෙකක් තුනක් යන්නත් ඕනෙ හින්ද අපිත් ඉතින් ඔහේ කයියක් දාගෙන යනවා. ගොඩක්
දුරට උනේ චරියා ජෙනෙවියව බයිට් කරනවා චයිනා චරියව බයිට් කරනවා යශෝද් චතුරව බයිට්
කරනවා වගේ රෙදි ගලෝගන්න වැඩ තමයි. ඔන්න ඉතින් පොට් එකට ඇවිත් වතුරටත් බැහැල ආතල්
එකේ ඉදිද්දි කොහෙන්ද මන්ද ආපු අංකල් කෙනෙක් බැස්සුවෙ නැතෑ අලියො වගේ සයිස් මී හරක්
දෙන්නෙක්. දැන් ඉතින් මොනවා කරන්න්ද ශේප් එකේ ටිකක් වෙලා ඉදල ගොඩට ආවා අංකල්ගෙ
ජාතියත් රහසින් අමතන ගමන්. සෙට් එකේ ඇවිත් නොනා හිටපු ලකියා නම් ඒ චාටරයෙනුත්
බේරුනා.
මේක
තමයි ආතල්ම සීන් එක, ඔන්න ඉතින්
දෛනික චර්යාවක් වෙච්ච අලියා පොට් එකට ආවා. හැබැයි නිකන් නෙමෙයි. දන්නැද්ද ඉතින් අවුරුදු
දාසයක් දාහතක් වෙච්ච අපි ගාවත් ඉතින් සල්ලි කීයක් හරි තිබ්බෙ නැත්තන්නෙ පුදුමෙ. ඉතින්
සෙට් එක ගත්තා සිගරට් කිහිපයකුත්. ඇග පත ලොකුවට තියෙන චයිනා, ලකියා හරි චරියා හරි තමයි
කඩේට ගිහින් ගත්තෙ. කට්ටිය ඉතින් පොඩි ට්‍රිප් එකක් වගේ තමයි ආවෙ. ලකියා ඉතින් ගොඩට
වෙලා ඉදිද්දි අපි බැස්සා වතුරට.
ලකියා
ගාව තිබුනා ඒ දවස් වල සැම්සුන්ග් එස් ඩුවස් එකක්. මන් ටිකක් වෙලා වතුරෙ ඉදල ගොඩට
ඇවිත් ලකියගෙ ෆෝන් එකෙන් බැලුවා දහඅට ප්ලස් වීඩියෝ ටිකක්...... කොල්ලොනෙ ඉතින්. ඔය අතර චයිනයි ජෝනයි (චරියාගෙ කාඩ් එකනෙ ජෝන් කියන්නෙ)
සිගරට් එකක් පත්තු කරන් ගහන්න ගත්තා. යශෝදයයි ජෙනෙවියයි නම් වතුර දැකල නැති ඩයල් වගේ ඇලේ බැහැං හිටියා.
දැන් තමයි ෆිල්ම් එකේ දුශ්ටයා කඩන් පාත් වෙන්නෙ.
හෙන ගහන්න වගේ මිනිස්සු දෙන්නෙක් ආවනෙ. මිනිස්සු කිව්වට උන් දෙන්නා අතේ සුදු පාට හෙල්මට්
තිබුන එක තමයි අවුල. උන් දෙන්නා දැක්ක ගමන් මන් ලකියගෙ ෆෝන් එකෙන් බල බල හිටපු වැල
වීඩියෝ එක වරකා වෙලා ගියත් කමක් නෑ කියල හිතාගෙන ක්ලෝස් කරගෙන කරගෙන කරගෙන ගියා. ජෝනත්
ගගහ හිටපු සිගරට් එක ශේප් එකේ වීසි කලා. අහිංසක චයිනා ලගට එනකන් ඌ ආසාවටවත් දැක්කෙ නෑ. කහතුඩුව පොලීසියෙ සිවිල්
පොලිස් ඩබල අපි ගාවට ඇවිත් අයිඩින්ටි ඉල්ලුවා අයිඩින්ටි ගෙනාවෙ නෑ කිව්වම වයස ඇහුවා.
මුලින්ම චයිනගෙන් අහපු පාර ඌ කියපි දහනමයයි කියල. අනිත් අය ඔක්කොම හරි වයස කිව්වා.
පොලිස් කාරයට අමතක වෙලා චයිනගෙන් ආපහු ඇහුව වයස ඒ පාර මූ කියාපි දාසයයි කියල.
පොලිස්
ඩබලට මල පැනපු පාර චයිනගෙ ඔලුවෙ ඉදන් කකුල් දෙක වෙනකන් බලල අහුවා.
“උබට කොහෙන්ද
හමුදාවෙ ජොකෙක්” කියලා..
ඒ වෙලාවෙ තමයි අපිටත් මීටර් උනේ මූ ඇදන් ඉන්නෙ හමුදාවෙ ජොකෙක්
කියලා. මුගෙ අයියද කොහෙද හමුදවෙ හිටියෙ. යන්තන් ගුටි නොකා ඒ ප්‍රශ්නෙතුත් බේරුනා. ඔන්න
දැන් වට්පිට බලලා උන් දෙන්නා කල්පනා කලා මුට දෙන්න දඩුවමක්. මුගෙ හදහනෙ හිලක් කියන්නෙ
පොලිස් ඩබල දැක්කෙ නාලා නාලා මඩ වෙච්ච වතුර ටික.
“උබලට
මේ මඩ වතුරෙ නාන්න පුලුවන් නම් උබ දැන් හරකෙක් වගේ මේ වතුරට බැහල ඔලුව වතුරෙ ඔබන්
හිටහන් මන් ඇති කියනකන්”
වෙන විසදුමක්
නැති නිසා චයිනත් ගොබ්බ හිනාවක් දාල වතුරට බැහල ඔලුව මඩ වතුරෙ ගිල්ලොගෙන හිටියා.
අපිටත් ඉතින් මැරෙන්න හිනා ඌ ඉන්න විදිහ දැකලා. එහෙමයි කියල හිනා වෙන්න ගිහින් අරුන්
දෙන්නගෙන් අහගන්නවට වඩා නිකන් ඉන්න එක සැපයි හින්ද කට වහන් හිටියා. ඊට පස්සෙ පොලිස්
ඩබලට අනුකම්පා හිතිලද කොහෙද
“අන්න අරූ මැරිලද දැන්නෙ නෑ ගොඩට ගනින්” කිව්වා.
පස්සෙ
අපිට අම්බානෙකට උපදෙස් මාලවක්ම දීලා උන් ඩබල යන්න ගියා. යන්න කලින් එක පොලිස් කාරයෙක්
“අර උබ මාව දැකල විසී කරපු එක බීපන් අපරදෙ” කියලා චරියට කියාගෙනම ගියා.
පස්සෙ තමයි
දන්නෙ ඇල හරියෙ තියෙන හේන් වල කසිප්පු පෙරෙනවා ඒවා අල්ලන්න උන් නිතරම එනව කියල.

No comments:
Post a Comment