Monday, April 6, 2020

කනත්තෙ සංගමය හා අලියා පොට් එක.................


කනත්තෙ සංගමය හා අලියා පොට් එක.................

සුපුරුදු විදිහට අපේ ඒ කාලෙ නිල වාහන උන යශොද්ගෙ රතුපාට අපාචි බයික් එකයි ලකියගෙ කලු පාට අපාචි බයික් එකයි කනත්තෙ කැන්ද ගහ ගාව පාරෙ නවත්තල අපිත් ගහ යටට වෙලා කයියක් ගහන් ඉන්නකොට අපෙ චරියා ජොලියට වගේ ඇහුවා 

“මචන් අර හෙරළිවල පැත්තෙ තියෙන ඇලේ උබල නාන්නෙ නැද්ද” කියල.

 සිරාවටම කිවුවොත් අපි ඒ වෙනකන් දන්නෙ නෑ එහෙම පොට් එකක් තියෙනවා කියල. ඔන්න ඊට පස්සෙ අපි එදාම බයික් වල නැගල ගියා මොකද්ද මේ මූ කියන පොට් එක බලන්න. සිරා කතාව මූ කියල තියෙන්නෙ තැන හොදයි වගේ කියල හැමෝටම හිතුනා. ටෙස්ටින් පාරක් දාන්න කියල යශෝදයා බැස්සා.... උගෙ ටෙස්ටින් රිපොර්ට් එකේ හැටියට අපි හිතාගත්ත්තා හෙටම එනවා කියලා.


ටයිම් ටේබල් එකේ විදිහටම සෙට් එක සෙට් වෙලා ගියා නාන්න. මාර ෆන් ඉතින් අපිටත්.. කොච්චර ෆන්ද කියනවනම් පීනන රේස් දාලා පොල් ගෙඩියක් අරන් සෙල්ලන් පාරකුත් දාලා පැය තුනක් හතරක් ඉදලම තමයි අපි අවේ. චරියා අපිට බෝ කරපු අලියා පොට් එකේ නාන ලෙඩේ හොද උනේ මන් හිතන්නෙ උසස් පෙළත් මැදක් හරිය ගියාම. අපිත් එක්ක හිටපු එවුන්ගෙන් අලියා පොට් එකේ නෑවෙ නැත්තෙ ලකියා විතරයි මන් හිතන්නේ.
මේ පොට් එකේ අමතක නොවෙන ආතල් වැඩ නම් ඉතින් කෝටියයි. දවල් දෙක දෙකහමාර වගේ වෙද්දි මේකේ වතුර පට්ට පැහැදිලියි. සමහරක් දාට අපි ගියෙ පයින් බටුවන්දර ඉදන් මොරෑද පාරෙ කිලෝමීටර් දෙකක් තුනක් යන්නත් ඕනෙ හින්ද අපිත් ඉතින් ඔහේ කයියක් දාගෙන යනවා. ගොඩක් දුරට උනේ චරියා ජෙනෙවියව බයිට් කරනවා චයිනා චරියව බයිට් කරනවා යශෝද් චතුරව බයිට් කරනවා වගේ රෙදි ගලෝගන්න වැඩ තමයි. ඔන්න ඉතින් පොට් එකට ඇවිත් වතුරටත් බැහැල ආතල් එකේ ඉදිද්දි කොහෙන්ද මන්ද ආපු අංකල් කෙනෙක් බැස්සුවෙ නැතෑ අලියො වගේ සයිස් මී හරක් දෙන්නෙක්. දැන් ඉතින් මොනවා කරන්න්ද ශේප් එකේ ටිකක් වෙලා ඉදල ගොඩට ආවා අංකල්ගෙ ජාතියත් රහසින් අමතන ගමන්. සෙට් එකේ ඇවිත් නොනා හිටපු ලකියා නම් ඒ චාටරයෙනුත් බේරුනා.
 
මේක තමයි ආතල්ම සීන් එක, ඔන්න ඉතින් දෛනික චර්යාවක් වෙච්ච අලියා පොට් එකට ආවා. හැබැයි නිකන් නෙමෙයි. දන්නැද්ද ඉතින් අවුරුදු දාසයක් දාහතක් වෙච්ච අපි ගාවත් ඉතින් සල්ලි කීයක් හරි තිබ්බෙ නැත්තන්නෙ පුදුමෙ. ඉතින් සෙට් එක ගත්තා සිගරට් කිහිපයකුත්. ඇග පත ලොකුවට තියෙන චයිනා, ලකියා හරි චරියා හරි තමයි කඩේට ගිහින් ගත්තෙ. කට්ටිය ඉතින් පොඩි ට්‍රිප් එකක් වගේ තමයි ආවෙ. ලකියා ඉතින් ගොඩට වෙලා ඉදිද්දි අපි බැස්සා වතුරට.
ලකියා ගාව තිබුනා ඒ දවස් වල සැම්සුන්ග් එස් ඩුවස් එකක්. මන් ටිකක් වෙලා වතුරෙ ඉදල ගොඩට ඇවිත් ලකියගෙ ෆෝන් එකෙන් බැලුවා දහඅට ප්ලස් වීඩියෝ ටිකක්...... කොල්ලොනෙ ඉතින්.  ඔය අතර චයිනයි ජෝනයි (චරියාගෙ කාඩ් එකනෙ ජෝන් කියන්නෙ) සිගරට් එකක් පත්තු කරන් ගහන්න ගත්තා. යශෝදයයි ජෙනෙවියයි නම් වතුර දැකල නැති ඩයල් වගේ ඇලේ බැහැං හිටියා.

දැන් තමයි ෆිල්ම් එකේ දුශ්ටයා කඩන් පාත් වෙන්නෙ. හෙන ගහන්න වගේ මිනිස්සු දෙන්නෙක් ආවනෙ. මිනිස්සු කිව්වට උන් දෙන්නා අතේ සුදු පාට හෙල්මට් තිබුන එක තමයි අවුල. උන් දෙන්නා දැක්ක ගමන් මන් ලකියගෙ ෆෝන් එකෙන් බල බල හිටපු වැල වීඩියෝ එක වරකා වෙලා ගියත් කමක් නෑ කියල හිතාගෙන ක්ලෝස් කරගෙන කරගෙන කරගෙන ගියා. ජෝනත් ගගහ හිටපු සිගරට් එක ශේප් එකේ වීසි කලා. අහිංසක චයිනා ලගට එනකන් ඌ ආසාවටවත් දැක්කෙ නෑ. කහතුඩුව පොලීසියෙ සිවිල් පොලිස් ඩබල අපි ගාවට ඇවිත් අයිඩින්ටි ඉල්ලුවා අයිඩින්ටි ගෙනාවෙ නෑ කිව්වම වයස ඇහුවා. මුලින්ම චයිනගෙන් අහපු පාර ඌ කියපි දහනමයයි කියල. අනිත් අය ඔක්කොම හරි වයස කිව්වා. පොලිස් කාරයට අමතක වෙලා චයිනගෙන් ආපහු ඇහුව වයස ඒ පාර මූ කියාපි දාසයයි කියල.
පොලිස් ඩබලට මල පැනපු පාර චයිනගෙ ඔලුවෙ ඉදන් කකුල් දෙක වෙනකන් බලල අහුවා.

“උබට කොහෙන්ද හමුදාවෙ ජොකෙක්” කියලා.. 

ඒ වෙලාවෙ තමයි අපිටත් මීටර් උනේ මූ ඇදන් ඉන්නෙ හමුදාවෙ ජොකෙක් කියලා. මුගෙ අයියද කොහෙද හමුදවෙ හිටියෙ. යන්තන් ගුටි නොකා ඒ ප්‍රශ්නෙතුත් බේරුනා. ඔන්න දැන් වට්පිට බලලා උන් දෙන්නා කල්පනා කලා මුට දෙන්න දඩුවමක්. මුගෙ හදහනෙ හිලක් කියන්නෙ පොලිස් ඩබල දැක්කෙ නාලා නාලා මඩ වෙච්ච වතුර ටික.

“උබලට මේ මඩ වතුරෙ නාන්න පුලුවන් නම් උබ දැන් හරකෙක් වගේ මේ වතුරට බැහල ඔලුව වතුරෙ ඔබන් හිටහන් මන් ඇති කියනකන්”


වෙන විසදුමක් නැති නිසා චයිනත් ගොබ්බ හිනාවක් දාල වතුරට බැහල ඔලුව මඩ වතුරෙ ගිල්ලොගෙන හිටියා. අපිටත් ඉතින් මැරෙන්න හිනා ඌ ඉන්න විදිහ දැකලා. එහෙමයි කියල හිනා වෙන්න ගිහින් අරුන් දෙන්නගෙන් අහගන්නවට වඩා නිකන් ඉන්න එක සැපයි හින්ද කට වහන් හිටියා. ඊට පස්සෙ පොලිස් ඩබලට අනුකම්පා හිතිලද කොහෙද 

“අන්න අරූ මැරිලද දැන්නෙ නෑ ගොඩට ගනින්” කිව්වා. 



පස්සෙ අපිට අම්බානෙකට උපදෙස් මාලවක්ම දීලා උන් ඩබල යන්න ගියා. යන්න කලින් එක පොලිස් කාරයෙක් “අර උබ මාව දැකල විසී කරපු එක බීපන් අපරදෙ” කියලා චරියට කියාගෙනම ගියා.



පස්සෙ තමයි දන්නෙ ඇල හරියෙ තියෙන හේන් වල කසිප්පු පෙරෙනවා ඒවා අල්ලන්න උන් නිතරම එනව කියල.


  පින්තූරය - කොහෙ හරි යන්න සෙට් වෙලා ඉන්න ගමන් ගත්තු එකක්. හෙල්ම්ට් දාල ඉන්නෙ ලකියා... චරියා ඔය පොටෝවෙ නෑ... ඌ කොහේ හරි ගිහින් ඉන්න වෙලාවක් වෙන්න ඇති.




Sunday, April 5, 2020

සෙට් එක හැදුන විදිහ....


සෙට් එක හැදුන විදිහ................
මමයි මගේ යාලුවෝ තුන් දෙනාටයි 2013 දෙසැම්බර් මාසේ සාමාන්‍ය පෙළ ඉවර උනාම හිතට මාර නිදහසක් ලැබුනා... කෙලින්ම කිවුවොත් එවරස්ට් කන්ද ඔලුව උඩින් තියාගෙන ඉදල අයින් කලා වගේ. සාමන්යෙන් කොල්ලො සෙට් එකක් නිතරම කියන්නෙ අපි ඔක්කොම එකා වගේ කියලා. කියන්න සන්තෝසයි අපි සෙට් එක නම් එහෙම් නෙමෙයි. එක එක අය එක එක විදිහක්. වැඩ වලිනුත් හැකියා වලිනුත් අශාවන් වලිනුත් එහෙම්මම තමයි එකිනෙකාට හාත්පසින්ම වෙනස්. හරියටම සෙට් එක හැදුනෙ සාමාන්‍ය පෙළ ඉවර උනාම. නිතරම සෙට් උනේ යශෝද්ලගෙ ගෙදර. කෙටියෙන්ම කිව්වොත් ඌ තමයි මගෙ පළවෙනි යාලුවා. මොන්ටිසෝරි යන්නත් කලින් ඉදන්. උන්ගෙ ගෙදර සෙට් වෙන්න ලොකුම හේතුව තමයි බඩ.. අනිවා බඩට මොනාහරි වැටෙනව ශුවර් තමයි.
මම ගැන කියනවනම් මම මලික් ඒත් ගොඩක් අය හිතන් ඉන්නෙ නම මලිත් කියල. මම සාමාන්‍ය පෙළ කලේ හර්මන් මයිනර් ස්කෝලෙ. ඒක පට්ට ලස්සනයි වගෙම එළ යාලුවො සෙට් එකක් හිටියා. ඊට පස්සෙ A/L කලේ කොමස් වලින් ලුම්බිණියෙදි. තව මං ගැන කියනවන්ම් මම ගණන් වලට් ආස නැති නිසා මන් චරිත් එක්ක රොටරියෙ කලා ආරම්භක සම්මන්ත්‍රණයකටත් ගියා. පස්සෙ පස්සෙ මන් ආස උනේ සර්විස් ඉන්ඩස්ට්‍රියෙ කූල් ජොබක් කරන්න.
යශෝද්... මිනිහා A/L කලේ මැත්ස් වලින් නාලන්දෙට තමයි ගියෙ. මෑන් බිස්නස් කරන්න බලාගෙන හිටියා. ඒ නිසාම මෑන් සමහරක් කාලවල් වල ගෙදර තිබ්බ සෝෆා බිස්නස් එකේ සේල් එහෙම කලා. ඒ වගේම මොංගල් බයික් පිස්සුවකුත් තිබ්බා. තව දෙයක් මුගෙ ගොං වැඩ නිසා අපි සෙට් එකේ එවුන් චොර නොවුනෙ නැති තරම්.
අනිකා තමයි චතුර. අපේ ගමේ නෙමෙයි. මට චතුරව සෙට් උනේ යශෝද්ගේ මාර්ගයෙන්. උන් දෙන්නා සාමන්‍ය පෙළ කාලේ පිළියන්දල සෙන්ට්‍රල් එකේ එකට ක්‍රිකට් ගහල තියෙනවා. ඉතින් ඒ ෆිට් එකට චතුර ආව යශෝද්ලගෙ ගෙදර තිබුණ විද්‍යාව පන්තියට. එකෙන් තමයි අපි හොදටමන් සෙට් උනේ. චතුරයා A/L කලේ ආර්ට් වලින් මහනාමෙදි. අපේ ෆෝන් වල ටෙක්නීශියන් තමයි චතුර.
අනිත් මෑන් චරිත් ඌව සෙට් උනේ අයාලේ යද්දි. අපේ ගෙවල් ගාව හිටියා ශෙහාන් කියල පොරවල් දෙකක් (ජෙනෙවි හා චයිනා). උන් දෙන්නත් එක්ක ලොකුම ෆිට් එකක් නැති උනත්. සරුංගල් හුටපට වලින් පොඩි ෆිට් එකක් තිබුනා වගේම එක ශෙහාන් කෙනෙක් (චයිනා) අපේ දහම් පාසල් ආවා. ඉතින් එක දවසක් O/L ඉවර වෙලා මායි චතුරයි යශෝදයයි ඉදිද්දි ජෙනෙවියත් එක්ක ආවා කලු මහත කොදෙව් රටේ කිරන් පොලාඩ්ගෙ ශ්‍රී ලංකන් වර්ශන් එක හෙවත් චරිත්. ඌ නාට්‍ය පිස්සෙක් වගේම සුපිරි නිවේදකයෙක්. මූ A/L කලෙත් ආර්ට් වලින් ඉසිපතනෙදි.
මේ තමයි මගෙ බොක්කෙ යාලුවො. තව විදිහකට කිවුවොත් චාටර් වීමටම උපන් උන්.
අපි හතර දෙනාට අමතරව තව හිටියා කට්ටිය,
ලක්ශිත සද්ද බද්ද නෑ ටීවීඑස් අපාචියයි ලකියයි කියන්නෙ ඉතින් ගොනයි කබෙයි වගේ. ඊට පස්සෙ හිටියා බුද්ධි මූව සෙට් උනේ සමාන්‍ය පෙළ ඉවර උනාට පස්සෙ. උගෙ ත්‍රීවිල් එකේ අපි නොගිය තැනක් නැති තරම්. ආයෙ හිටියා ශෙහාන් ඩබල උන් අපිත් එක්ක සෙට් වෙල හිටියෙ ටික කාලයයි හරියටම කිවුවොත් මාස හතරක් හෝ පහක් වගේ. උන් දෙන්නම සාමාන්‍ය පෙළ අනාගත්තට පස්සෙ උන් දෙන්නා නිකන්ම සෙට් එකෙන් කැපුනා.
O/L ඉවර වෙනවත් එක්කම අපි සෙට් හැමදාම සෙට් උනේ යශෝද්ලගෙ ගෙදර. එහෙට ඔක්කොම ආවට පස්සෙ අපි යන්නෙ ගමේ කනත්තට. මොකද කනත්ත තමයි අපේ තිප්පොල. කනත්තෙ තියෙනවා මහේල ධනංජය කියල සෙන්ට්‍රල් එකේ කොල්ලෙක්ගෙ සොහොන් කොතක්.. ඕක උඩ තමයි අපි ඉන්නෙ. ලොකු කැන්ද ගහ නිසා අවුව වැටෙන්නෙත් නෑ මරු පොට් එක.
කනත්තෙ ඉදන් ප්ලෑන් කලේම චූන් පාන් කාරයට ගහල බනිස් කන්න විදිහක්..... ඔය වගේ අන්දකයිප්පු වැඩ ප්ලෑන් කරපු එක තමයි වැඩියෙන්ම කලේ. 
පින්තූරය ගත්තෙ නිදහස් චතුරස්‍රයෙදි යශෝද්ලා උකස් ගත්තු හොන්ඩා ඉන්සයිට් එකේ රවුම් ගහපු දවසෙ.. ඕක අපි ෆේස්බුක් දාපු පොටෝවක්.
සෙස්ස පස්සට...............................................
 (ඇහිදගත්තු වචනයක්)