Wednesday, January 13, 2021

2021 යූ ආර් සෝ කියුට්

 



2020 දෙසැම්බර් මාසය මටත්, චරිත්ටත්, චතුරටත් පට්ට බිසී මාසයක් උනා. එකක් තමයි අපි 3 දෙනාටම කැම්පස් එකේ විභාග තිබුණ එකයි මායි ජෝනයි (චරිත්) දෙසැම්බර් මාසයෙ පොඩි ගානක් හොයාගන්න NGO වැඩකට අතගහපු එකයි. ඊට අමතරව උනේ චතුර පීසා හට් එකේ ජොබ් එකට ගිය එකයි මායි ජෝනයි යශෝද්ගෙ ෆොරෙක්ස් සීන් එකට බැහපු එකයි. කොහොමින් කොහොම හරි අපිට සෙට් වෙන්න තියන වෙලාව අඩු උනා රට වටේම කොරෝනා කේස් හින්දා ට්‍රිප් ගියෙත් නෑ. හැබැයි ඉතින් නත්තල් වලට කලින් අපි බෝතලයක් නම් අරන් තියාගත්තා පෙර සූදානමක් විදිහට. වෙනදට මෙන්ඩිස් බොන අපි මේ පාර රොක්ලන්ඩ් රෙඩ් එකක් ගත්තා. වෙනසක් තියෙන්නත් එපැයි.

බෝතලේ ගත්තේ 2020 උනාට අපිට බොන්න නම් හම්බුනේ නෑ. ජනවාරි 8 මන් වැඩ ඇරිල එන ගමන් ජෝනවත් රත්තනපිටියෙන් දාගෙන ගෙදර ආවා. ඇවිත් මායි ජෝනයි චතුරයි පොඩි රෑ කෑමක් දාන්න යන්න ප්ලෑනක් ගැහුවා. එකත් ඉතින් පුරුදු විදිහට ලෝ බජට් තමයි. මුලින් අපි ප්ලෑන් කලේ රාජගිරියෙ බර්ගර් කන්න යන්න තව පිලියන්දල බිරියානි, ස්ට්‍රීට් ෆුඩ් කන්නත් කතා වුනා. හැම කෑමකම අවසානය බීම වගේ අපෙ ජෝනා ගෙ අස්සෙ මෙච්චර දවස් හන්ගලා තිබ්බ බෝතලේ මතක් කලා. පස්සෙ ඉතින් සුපුරුදු විදිහට කැස්බෑව සාදයට සෙට් වෙන්න හැදුවත් චතුරය ගෙදරට පණබය නිසා වෙන තැනක් හොයන්නත් උනා. කොහොමහරි අපි බොල්ගොඩ පැරඩයිස් එකට යන්න හිතාගත්තා. හරියටම රෑ 7.30 වගේ වෙද්දි අපි පැරඩයිස් එකට ආවා. ගග අයිනෙ නිසා මර කූල් පොට් එක. ගත්තෙ එළියෙ ගග අයිනෙ බෙන්ච් එකක්. පොඩි වැහි ගතියකුත් තිබුණා. ඒත් ඉතින් බේබදු කමට මොන වැස්සද කියල හුළං වැදි වැදි සෙට් උනා. අපි මේ වෙද්දි ගෙදරට හොරෙන් පෝක් කන සංගමයෙ සාමාජිකයො. ඉතින් බයිට් එකටත් පොක් ඩෙවල් එකකුයි, රයිස් එකකුයි ගත්තා. පට්ටම චිල් එකේ අවුරුද්දෙ මුල ඩ්‍රින්ක් එකත් දාලා අපි රෑ 11ට විතර ගෙදර එන්න පාරට බැස්සා.

ගෙදර එන්න කිවුවට අපි කෙලින්ම ආවෙ පිළියන්දල සම්පත් බැංකු ATM එකට. ලාවට වැස්සත් තිබ්බා. චතුරයා සල්ලිත් අරන් අපි කෙලින්ම ගියෙ කැස්බෑව ලාෆ් එකට අයිස් ක්‍රීම් ගන්න. මොනා කරත් අපි බීලා ඉන්න වෙලාවට බය නැතුව ගෙදර යන්නෙ අයිස් ක්‍රීම් වලට් පින් සිද්ධ වෙන්න තමයි. ඉතින් අපි වස්ස මැද්දෙ ලාෆ් එකටත් ආවා.

ඔන්න ඉතින් අපි එක එක ජාතියෙ අයිස් ක්‍රීම් තෝරන්න ගත්තා. බීපුවා ශේප් එකෙ වැදීගෙන එන නිසා අයිස්ක්‍රිම් යෝගට් වගෙත් පේනවා. කොහොමින් කොහොම හරි අපි ගත්තා ලීටරේ චොකලට් අයිස්ක්‍රීම් එකක්. ඒක අරන් කැශියර් එකට ගියා විතරයි මතක පට්ටම පට්ට කෙල්ලක් කැශියර් එකේ. හරියටම කියනවනම් මිශෙල් දිල්හාරාගෙ නංගි වගේ. ඒ තරම් ලස්සනයි. මාලනී බුලත්සිංහල කියපු සිංදුවක් තිබුණා පිපෙනා මලකට කියලා. ඒකෙ හරි ලස්සනම කෑල්ලක් තමයි අන්තිමට තියෙන්නේ “පින් පව් එනවා.... මරණින් පස්සෙ..” එහෙම කිව්වට මගෙනම් පව් ආවෙ ලාෆ් එකේ ඉන්න කොටමයි. ආසාවට කෙල්ලෙක්ගෙ ලස්සනක් රසවිදිනකොටම ගොබ්බ ජෝනා “අඩෝ මගෙ පර්ස් එක නෑ, ආයෙ පැරඩයිස් එකට යමන්” කිය කිය වැලලෙන්න හැදුවා. මායි ජෝනයි බෑග් අස්සෙ පර්ස් එක හොයද්දි චතුරය ඩිස්කවුන්ට් තියන අයිස්ක්‍රීම් හොයනව අර චීස් කැල්ලක් වගේ ඉන්න කෙල්ලත් එක්ක. මොනා කරන්නද ඉතින් සැකයෙ වාසිය පිතිකරුට කියලත් කියනවනෙ.... ලක් එක චතුරයට කැරකුනා. අවාසනාවට ඇත්ත කතාවක් වගේ ගොබ්බ ජෝනා පර්ස් එක හොයල තියෙන්නෙ උගෙම සාක්කුවෙ පර්ස් එක තියාගෙන.

ඔන්න ඉතින් අයිස්ක්‍රීම් එකත් අරන් අපි බයික් එකේ නැගල ගෙදර එන්න පාරට දැම්මා. මට ඉස්සර කරල මුන් දෙන්න ගියා. ඒත් මට නිකන් අමුත්තක් වගේ තේරුණා. පස්සෙයි දැක්කෙ චතුරයා බයික් එකේ නැගල ඇවිත් තියෙන්නෙ හෙල්මට් එක ලාෆ් එකේ දාලා. කෙල්ලෙක් දැක්කම අපෙ චතුරයට උන් හිටි තැන් අමතක වෙනවනෙ. උන් හිටි තැන් විතරක් නෙමෙයි වැස්සෙ යද්දි මුගෙ ඔලුවට වතුර වැටිලත් මුට තේරිලා නෑ. ආහ් මූ ඒ කල්ලට අයිස් ක්‍රිම් ගන්න ගියාම You are so cute කියලත් කිවුවා. හැබැයි ඉතින් මාස්ක් දාලා තියෙද්දි මූ කොහොමද දන්නෙ නෑ cute ද නැද්ද කියල දැනගත්තෙ. පස්සෙ මූ ඒ කෙල්ල බලන්නත් යයි. ඒ තමයි අපෙ චතුරගෙ හැටි.

අයිස් ක්‍රීම් එකත් අරන් අපි ආවෙ ජෝනගෙ ගෙවල් ගාව තියෙන මික්ස් රයිස් කඩේට ඒක 12 වගෙ වෙනකන් වැඩ. ඉතින් අපි වෙනද වගේ ෆුල් මික්ස් රයිස් එකක් ප්ලේට් තුනකට දැම්මා. ඒ අයියා රයිස් එක දානකන් අපි අයිස්ක්‍රීම් එක කෑවා. ටික වෙලාවකට පස්සෙ ඒ අයියා අපි ගාවට අවිත් “මල්ලි වෙනද ගානටම දන්නද නැත්තන් අඩුවට දාන්නද අයිස්ක්‍රීම් කාල කන්නත් අමාරුනෙ” ඉස්සර ඉදන්ම කෑමට බෑ කියන පුරුද්දක් අපි ගාව නෑනෙ. වෙනද වගේම අපි කෑවා. පස්සෙ අපි ගාව තිබ්බ සිගරට් එකකුත් ඒ අයියට දීල අපි ආවා. හැබැයි එදා ඉදන් අදටත් ඒ අයියා අපිට සුපිරියටම රයිස් එක දාල දෙනවා. පස්සෙ ඉතින් පොඩි කයියක් දාලා තව අයිස්ක්‍රීම් ටිකකුත් කාල අපි 12.30ට වගේ ගෙදර ආවා. ඔන්න ඔහොම තමයි අපි 2021 පටන් ගත්තේ.

No comments:

Post a Comment